කංසා වගාවට ආයෝජන ව්‍යාපෘති 7 ක් ලංකාවට

කංසා වගාවට ආයෝජන ව්‍යාපෘති 7 ක් ලංකාවට

කංසා වගාව සදහා පසුගිය රජය සමයේ ආයෝකයින් 7 දෙනකු ඉදිරිපත්ව සිටි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඒ මහතා පැවසුවේ 2024 වසරේ ආයෝජන මණ්ඩලය හරහා මෙලෙස යෝජනා ඉදිරිපත්ව ඇති බවයි.

එහිදී ගිවිසුම්ගතවීමේ දී මතුව තිබූ යම් යම් අඩුපාඩු සකසා අවසර දීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශකවරයා සදහන් කළා.

ඔහු අවධාරණය කළේ සියලුම කොටස් ආනයනය කිරීමේ කොන්දේසි මත මේ ව්‍යාපෘති සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා අවසර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවටයි.

 

 

Share This