කච්චතිව් බෝට්ටු අනතුරින් ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

කච්චතිව් බෝට්ටු අනතුරින් ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

රාමේෂ්වරම් ධීවරයින් දෙදෙනෙකු කච්චතිව් මුහුදු ප්‍රදේශයේදී අතුරුදන් වී තිබෙනවා.

ඒ, ඔවුන් පැමිණි යාත්‍රාව පෙරලී යාම හේතුවෙන්.

ධීවරයින් සිව් දෙනෙකු පැමිණි යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එහිදී ඉන් දෙදෙනෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වී තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන් මුහුදු ගොස් ඇත්තේ ලියාපදිංචි නොකරන ලද යාත්‍රාවකින් වන බව සඳහන්.

අතුරුදන් වූ ඉන්දීය ධීවරයින් සොයා නාවික හමුදාව විසින් මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු සඳහා කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීමද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

Share This