කටුකුරුන්ද මුහුදේ පාවී ආ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් බාරයට

කටුකුරුන්ද මුහුදේ පාවී ආ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් බාරයට

කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීට ලද තොරතුරක් අනුව කටුකුරුන්ද වෙරළට ආසන්නව මුහුදු තීරයේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය බවට සැක සහිත පාර්සල් 10 ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

එම කොට්ඨාසය පවසන්නේ මෙම පාර්සල් 10 තුළ හෑෂ් මත්ද්‍රව්‍ය බවට හඳුනාගෙන ඇති බවයි.

සම්පූර්ණ මත්ද්‍රව්‍යවල බර කිලෝ ග්‍රෑම 11 ග්‍රෑම් 795 ක් බව පොලීසිය සඳහන් කළා.

 

Share This