කටුගස්තොට සිදු වූ මාරක රිය අනතුර

කටුගස්තොට සිදු වූ මාරක රිය අනතුර

කටුගස්තොට පේරාදෙණිය මාර්ගයේ ගොහාගොඩ හන්දිය අසලදී කටුගස්තොට සිට පේරාදෙණිය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ වම් පසට ඇදී ගොස් පුද්ගලයින් දෙදෙනකුගේ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

පොලීසිය පවසන්නේ වෑන් රථය මාර්ගයේ ගමන්ගත් පදික කාන්තාවකකගේ සහ ඇගේ මුණුබුරෙකු වන අවුරුදු 05ක දරුවෙකුගේ ගැටී, නිවසක ගේට්ටුවකද ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව මහනුවර ජාතික රෝහලටද දරුවා පේරාදෙණිය ළමා රෝහලටද ඇතුලත් කර ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී කාන්තාව මියගොස් ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 76ක් වූ ගොහාගොඩ, කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මියගිය කාන්තාවගේ දේහය මහනුවර ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරුද තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටුගස්තොට පොලීසිය සිදුකරන බව සඳහන්.

Share This