
කටුනායක අධික මීදුම හේතුවෙන් ගුවන් යානා 3 ක් මත්තලට හරවා යවයි
කටුනායක ගුවන් තොටුපළ අවට අද (19) පැවති අධික මීදුම හේතුවෙන් ඇති වූ අඩු දෘශ්‍යතාව නිසා මුම්බායි, රියාද් සහ ගුවැන්ෂු සිට ආපසු පැමිණෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් තුනක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට (MRIA) ආරක්ෂිතව හරවා යවා තිබෙනවා.
අදාල ගුවන් යානා මත්තලට ගොඩ බස්වා පසුව මගීන්ට ගොඩබිම් මාර්ගයෙන් සිය ස්ථාන වෙත යාමට අවශ්‍ය ගමන් පහසුකම් සලසා දී තිබෙනවා.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
