
කටුනායක ගුවන් තොටුපළේ දී නීතිවිරෝධී සිගරට් තොගයක් එක්ක තරුණයෙක් අල්ලයි
රුපියල් ලක්ෂ හැටක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(11) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා මහනුවර , ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංච් 24 හැවිරිදි ඩුබායි හි ගෘහ සේවයේ යෙදී සිටි අයෙක්.
ඔහු අද අලුයම ඕමානයේ මස්කට් නුවර සිට , ඕමාන ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මෙම පුද්ගලයා රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ ” ප්ලැටිනම්” සහ ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 40,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 200 ක් සගවා රැගෙනවිත් තිබුණා.