කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බරපතළ අනතුරක

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බරපතළ අනතුරක

පසුගිය කාලයේ ඉදිකරන ලද බහුවිධ ගුවන්යානා නැවතුම් අංගනය හේතුවෙන් මේ තත්ත්වය උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් ආචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා මේ බව අනාවරණ කරනවා.

ඉදිකරන ලද නව බහුවිධ ගුවන්යානා නැවතුම් අංගනයේ සැලසුම්වල දුර්වලතා නිවැරදි නොකළහොත් අයිකා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවීමෙන් ගුවන් තොටුපොල ජාත්‍යන්තර මට්ටමෙන් පහත වැටීමේ අවධානමක්ද මතුව ඇති බව අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා පෙන්වා දෙනවා.

නව අංගනයට ගැලපෙන පරිදි ඉන්ධන හා ජලසැපයුම ප්‍රමාණවත් පරිදි ලබා දීමට හැකි ලෙස සැකසුම් සකස් නොවීම මේ තත්වයට හේතු වී තිබෙනවා.

Share This