
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අද සිට වෙනසක්
අද( 17) මධ්‍යහ්න 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්වෙන ගුවන් මගීන්ට තමාගේ නියමිත ගුවන් ගමන් වේලාවට පැය 4 කට ප්‍රථම ගුවන් ප්‍රවේශ පත් පරීක්ෂාවට (check-in) අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.
ගුවන් තොටුපළ බලධාරීන් පවසන්නේ ගුවන් මගී සේවා පහසුකම් වැඩිදියුණු කිරීම හා ගුවන් මගීන් සදහා ගුවන් තොටුපොළ කටයුතු පහසු කිරීම උදෙසා මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබ ඇති බවයි.