කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ජනාධිපති ලේකම් කාර්යා‍ලයේ දී පාර්ලිමේන්තු සැසියක් තියයි

කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ජනාධිපති ලේකම් කාර්යා‍ලයේ දී පාර්ලිමේන්තු සැසියක් තියයි

කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී ඊයේ (12) පැවැත් වුණා.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව මෙවර අවස්ථාව හිමි වූයේ බෝමිරිය විද්‍යාලයටයි.

අනාගත නායකත්වය, පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය සම්බන්ධයෙන් එම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් දැනුවත් කිරීමද මෙහිදී සිදු කෙරුණා.

ජනාධිපති අරමුදලේ කාර්යභාරය සහ එයින් පාසල් ළමුන්ට ඇති වැදගත්කම මෙහිදී පෙන්වා දෙනු ලැබුවේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා විසින්.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායක පත් කිරීම, කථානායක දිවුරුම් දීම සහ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමද සිදුවුණා.

 

Share This