
‘කණ්ඩලමේ හැඩකාරයා’ ගේ අවසන් කටයුතු සිදු කිරීමට පෙර පාංශුකූලය
උසින් අඩි 9ක් පමණ වූ සද්දන්ත ශරීරයකින් හෙබි ,‘කණ්ඩලමේ හැඩකාරයා’ නමින් හඳුන්වූ වන අලියාගේ දකුණු පාදයට වෙඩි වැදීම නිසා කණ්ඩලම වැව ඉස්මත්තේ ඇද වැටී සිටියදි පළමුවරට හමුවුණේ පසුගිය මාර්තු මාසයේදීයි.
වයස අවුරුදු 25 -30 පමණ වු රැකවරණය අවැසිව සිටි‘කණ්ඩලමේ හැඩකාරයා’ගේ තතු පිළිබඳව ලයිව් ඇට් ශ‍්‍රී ලංකා ප‍්‍රවෘත්ති විකාශය හරහා පළමුවරට රට හමුවේ අනාවරණය කළේ මෙම අලියා පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කිරීමේ අරමුණ ඇතිවයි.
එකී අනාවරණයන් ඔස්සේ පශු වෛද්‍ය කණ්ඩායම් සහ ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් වන අලියාගේ සුවය උදෙසා විශේෂ ප්‍රතිකාර වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරුණා.
වන අලියාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට රුධිර පරීක්ෂණ සහ එක්ස් කිරණ ස්කෑන් සිදු කරනනු ලැබුවා.
එහිදී අනාවරණය වුනේ වනඅලියාගේ ඉදිරි වම් පාදයේ යටිපතුල් ප්‍රදේශයේ තුවාල ඇතිවීී ඇති අතර ඒ හරහා සත්වයාගේ සෞඛ්‍ය තත්වයේද යම් පිරිහීමක් ඇතිව ඇති බවයි.
අදාල ප්‍රතිකාර නිසා සත්වයාගේ සෞඛ්‍ය තත්වය පෙරට වඩා යහපත් මට්ටමට පැමිණියා.
කෙසේවෙතත් තුවාල ලබා සිටි වනා අලියාගේ සෞඛ්‍ය තත්ත්වය නැවතවරක් අසාධ්‍ය වෙමින් කන්ඩලම වැව ඉස්මත්තේ නැගිටීමට නොහැකිව වැටී සිටින බවටට යලිත් තොරතුරු වාර්තා වුනේ පසුගිය සතියේදීයි.
එලෙස දින කිහිපයක පටන් අසාද්‍ය තත්වයෙන් ජලය මත වැතිර සිටි බවටයි ප්‍රදේශවාසීන් සඳහන් කලේ.
ඒ අනුව ප‍්‍රතිකාර ලබමින් සිටි කණ්ඩලමේ හැඩකාරයාට සිංහල බෙහෙත් වලින් ප‍්‍රතිකාර කිරීම පසුගිය 07 දින පස්වරුවේ සිට ආරම්භ කෙරුණා.
කෙසේ නමුත් ඒ සියලු උත්සහයන් ව්‍යර්ථ කරමින්, සොබා දහමට අවනතව ‘කණ්ඩලමේ හැඩකාරයා’ ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත් වුණා.
අද පෙරවරුවේ මියගිය වන අලියාගේ සිරුර පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට පෙර පාංශුකූලය ලබා දීමේ කටයුතු කළා.
එමෙන්ම ‘කණ්ඩලමේ හැඩකාරයා’ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය විසින් අද දින සිදු කිරීමට නියමිතයි.