කතරගම කිරි වෙහෙර විහාරාධිපති නාහිමියන් සිය පොලිස් ආරක්ෂාව ලබා දෙන්නැයි මහජන ආරක්ෂක ඇමතිට ලිපියකින් දන්වයි

කතරගම කිරි වෙහෙර විහාරාධිපති නාහිමියන් සිය පොලිස් ආරක්ෂාව ලබා දෙන්නැයි මහජන ආරක්ෂක ඇමතිට ලිපියකින් දන්වයි

කතරගම කිරි වෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙත ලිපියක් යොමු කරමින් සිය ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් සහ විශේෂ කර්ය බලකා ආරක්ෂාව ලබා දෙන් ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

උන්වහන්සේ සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරය වෙනුවෙන් අපවත් වී වදාල පූජ්‍ය අලුත් වැව සෝරත නාහිමියන් ගේ පාලන කාලය තුල සිට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව වර්තමාන විහා‍රාධිපති වශයෙන් තමා හට ලබා දීම පිළිබඳව ස්තූති වන බවයි.

විහාරාධිපති ලෙස තමන් වහන්සේට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාවට අමතරව 2018 වසරේදී තමන් වහන්සේට වෙඩි තැබූ අවස්ථාවේදී පැවති රජය විශේෂ නියෝගයක් අනුව පොලිස් විශේෂ බලකා ආරක්ෂාව ද මේ වනවිට ඉවත් කර ඇති බව නාහිමියන් පෙන්වා දෙනවා.

වෙඩි තැබීමක් සිදුකර තමන් ගේ ජීවිතයට ද තර්ජනයක් එල්ල වූ අතර එම තර්ජනය සහ වෙන්ත සාධක තවමත් පවතින බව නාහිමියන් අමාත්‍ය විජේපාල මහතා වෙත යොමුකළ ලිපියේ දැක් වෙනවා.

නඩුව තවමත් සමතයකට පත් නොවී අධිකරණයේ විභාග වන බැවින් මෙම ආරක්ෂාව තවදුරටත් ලබා දෙන ලෙස කොබවක ධම්මින්ද නාහිමියන් ඉල්ලා සිටිනවා.

වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ සිට මේ දක්වා කතරගම පොලීසියට අනුයුක්තව තමන් වහන්සේ හට සේවය ලබාදුන් පොලිස් නිලධාරීන් දෙදෙනා සහ කතරගම පොලිස් විශේෂ කර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ විශේෂ කර්ය බලකා සෙබලුන් සිව් දෙනා නැවත ලබා දෙන ලෙස උන් වහන්සේගේ ඉල්ලීමයි.

මෙම ඉවත් කිරීම මේ මස 22 දින සිට කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කරගෙන ඇති බවත් , ඉහත කරුණු සලකා තමන්ට ලබා දී තිබූ ආරක්ෂාව අඛන්ඩව ලබා දෙන ලෙසත් පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.

 

Share This