අද ඇරඹුණු කතරගම පාද යාත්‍රාවට ලයිකා ඥානම් පදනමෙන් සහය (VIDEO)
කතරගම ඇසළ මංගල්‍යයට සහභාගී වීම සඳහා කුමන සහ යාල ජාතික වනෝද්‍යාන ඔස්සේ උතුර නැගෙනහිර පළාත්වල සිට බැතිමතුන් පැමිණීම සාම්ප්‍රදායිකව සිදු වන්නක්.
ඒ අනුව එම බැතිමතුන් සඳහා කුමන සහ යාල ජාතික වනෝද්‍යාන පිවිසුම් දොරටු විවෘත කිරීම සිදු කෙරුණා.
ලබන 6 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වෙන කතරගම ඇසළ මංගල්‍යය සඳහා බැතිමතුන් 25,000කට අධික පිරිසක් සහභාගී වනු ඇති.
ඒ අනුව මෙම බැතිමතුන්ට සිය ගමනේ දී අත්‍යවශ්‍ය වන ද්‍රව්‍ය ඇතුලත් මළු බෙදාදෙමින් අවශ්‍ය පහසුකම් සලසා දීමට ලයිකා ඥානම් පදනම පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් Live at 12 ප්රවෘත්ති විකාශයෙන් ගෙන ආ වැඩිදුර තොරතුරු වාර්තාව පහතින්……