
‘කතරගම පාද යාත්‍රාව’ ගමන් අරඹයි – බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් ලයිකා ඥානම් පදනමෙන්
ඓතිහාසික කතරගම පුණ්‍යභූමිය වන්දනා කිරීමේ අරමුණින් යාපනයේ සිට කතරගම දක්වා බැතිමතුන් විසින් වාර්ෂිකව ගමන් කරනු ලබන ‘කතරගම පාද යාත්‍රාව’ ඊයේ (20) කුමන ජාතික වනෝද්‍යානයෙන් ගමන් ආරම්භ කළා.
මෙම පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ඒ සඳහා සිය දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ ලයිකා ඥානම් පදනමයි.
ඓතිහාසික කතරගම පුණ්‍යභූමිය වන්දනා කිරීමේ අරමුණින් බැතිමතුන් විසින් වාර්ෂිකව ගමන් කරනු ලබන කතරගම පාද යාත්‍රාව බැතිමතුන් 5000 කගේ පමණ සහභාගීත්වයෙන් කුමන ජාතික වනෝද්‍යානයෙන් ගමන් ආරම්භ කෙරුණා.
ඒ පානම ,ඔකඳ දේවාලයේ පැවති පූජාවකින් අනතුරුවයි.
ලයිකා ඥානම් පදනම මෙවරත් කතරගම පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට සිය ගමන ආරම්භයේදීම අවශ්‍ය ආහාරද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කරමින් අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කළා.
එමෙන්ම කතරගම පාද යාත්‍රා ගමන් මගෙහි ස්ථාන කිහිපයක බැතිමතුන්ට අවශ්‍ය පානීය ජල පහසුකම් සපයමින් සිය දායකත්වය ලබාදීමටයි ලයිකා ඥානම් පදනම කටයුතු යොදා ඇත්තේ.
මෙම උතුම් සංකල්පය දියත් කෙරුණේ ලයිකා ඥානම් පදනම, ලයිකා සමූහය, ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ හා ලයිකා හෙල්ත් යන සමාගම්වල සභාපති ආචාර්ය අලිරාජා සුභාස්කරන් මහතා සහ ඒ මහතා ගේ ආදරණීය මෑණියන් වන ඥානම්භිකායි අලිරාජා මහත්මිය සමඟින්, දයාබර බිරිඳ ප්‍රේමා සුභාස්කරන් මහත්මියගේ දායකත්වය මතයි.