කතරගම පුද බිමට පොලිතින් මල් මාලා තහනම් – ස්වාභාවික හා තෙල් කඩදාසි මල් මාලා පමණයි
මාර්තු මස 22 වැනිදා සිට කතරගම පූජා භූමියේ පොලිතින් මල්මාලා වෙනුවට ස්වභාවික මල් මාලා භාවිතය අනිවාර්ය කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
වාර්ෂිකව කතරගම පුද බිමට පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව මිලියන 03ක් පමණ වන බවත් එහිදී ඔවුන් විසින් බාරහාර සඳහා භාවිත කිරීමට මිලට ගන්නා පොලිතින් මල් මාලා ප්‍රමාණය වාර්ෂිකව ලක්ෂ 10ක් පමණ වන බව අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ඉන් වාර්ෂිකව පොලිතින් කිලෝ ග්‍රෑම් 20,000 ක් පමණ කතරගම පූජා භූමියට මුදා හැරෙන බවද කතරගම නගර සභාව පරිසර අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
– අද පුවත්පත –