කතරගම වැවකින් T56 මැගසින් ඇතුළු ආයුධ ගබඩාවක් මතුවේ

කතරගම වැවකින් T56 මැගසින් ඇතුළු ආයුධ ගබඩාවක් මතුවේ

යාල රක්ෂිතයේ වෙහෙරගල ජලාශයේ සොරොව්ව ආසන්නයේ ඇති බවට යුද්ධ හමුදා නිලධාරීන් කතරගම පොලීසිය වෙත ලබාදුන් තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙහිදී හමු වී ඇති සංග්‍රාමික උපකරණ අතර ,
 T.56 මැගසින් 74
 LMG ඩ්‍රම්ස් 35
 MPMG ඩ්‍රම්ස් බොක්ස් 05

වනවා. පොලීසිය පවසන්නේ මෙම සංග්‍රාමික උපකරණ වෙහෙරගල ජලාශයේ ජලය අඩුවීම හේතුවෙන් නිරීක්ෂණය වී ඇති බව‍යි.

සංග්‍රාමික උපකරණ හමු වූ ස්ථානය ගෝනගං ආර පොලිස් වසමට අයත් බැවින් වැඩිදුර විමර්ශන සදහා එම පොලිස් ස්ථානයට බාර දී තිබෙනවා.

 

Share This