කත්මණ්ඩු නුවර සිට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දිට කළදේ…

කත්මණ්ඩු නුවර සිට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දිට කළදේ…

අලූත්කඩේ අධිකරණ සංකීර්ණයේදී මෙරට ප්‍රධානපෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකූ ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියක් ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි සහ ඇය සමඟ සිටි තවත් පස්දෙනෙක් පසුගිය නේපාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් නේපාලය තුළ කිසියම් වරදක් කර නොමැති බැවින් ඔවුන් එරටින් පිටුවහල් කිරීමට කටයුතු කළ බවයි එරට බලධාරීන් පවසා තිබුණේ.

ඒ අනුව අත්අඩංගුවට පත් ඉෂාරා ඇතුළු කණ්ඩායම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ පස්වරු 07ට පමණ රැගෙන ආවා.

ගුවන්තොටුපළ පරීශ‍්‍රයට එම අවස්ථාවේ විශේෂ ආරක්‍ෂාවක්ද යොදවා තිබූ අතර ඔවුන් විශේෂ ආරක්ෂාවක් යටතේම කොළඹට රැගෙන ඒමට කටයුතු කෙරුණා.

අත්අඩංගුවටපත් සැකකරුවන් අතරින් ඉෂාරා සෙව්වන්දි සහ තවත් 03 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දුන් අතර ඔවුන් ඊයේ රාත්‍රියේම කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබුවා.

ඒ අනුව ඉෂාරා සෙව්වන්දිගේ රුවට සමාන රුවක් ඇති යාපනය චාවකච්චේරිය ප‍්‍රදේශයේ පදිංචි තක්ෂි නැමැත්තිය, ජේ.කේ. බායි හෙවත් කෙනඩි නමැත්තා සහ යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වූ සුරේෂ් නමැත්තා ද එම කොට්ඨාසය වෙත භාර දී තිබුණා.

  

Share This