කථානායකගෙන් සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

කථානායකගෙන් සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

කථානායකවරයා විසින් ලබන 14 වනදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16හි විධිවිධාන ප්‍රකාරව එම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව ලබන 14 වනදා පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස්වීමට නියමිත අතර එම රැස්වීමට සහභාගී වන ලෙස කථානායකවරයා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබෙනවා.

මෙදින පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළව ලැබීමට නියමිත තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීමටයි නියමිතව ඇත්තේ.

එමෙන්ම අදාළ පනත් කෙටුම්පත සළකා බැලීමට අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද රැස්වීමට නියමිතයි.

 

Share This