කථානායකගේ මේසය මත දෙපා තැබූ කැරලිකරුවාට දුන් දඩුවම

කථානායකගේ මේසය මත දෙපා තැබූ කැරලිකරුවාට දුන් දඩුවම

එක්සත් ජනපදයේ  කථානායක නැන්සි පෙලෝසිගේ කාර්යාලයේ මේසයක් මත දෙපා තබා ඡායාරූප ගත කර අපහාසාත්මක සටහනක් තැබීමෙන් පසු කුප්‍රකට කැරලිකරුවෙකු වන රිචඩ් බිගෝ බානට් හට අවුරුදු 4ක් සහ මාස 5ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

එහිදී කැරලිකරු ඇයව හඳුන්වා ඇත්තේ “Biotch” නම් වූ අසභ්‍ය වචනයෙනි.

එක්සත් ජනපද දිසා විනිසුරු Christopher Cooper මූලික වශයෙන් නඩු පැවරීම සහ ආරක්ෂක ඉල්ලීම් අතර වෙනස පැහැදිලි කර මෙම නඩු තීන්දුව ලබා දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නඩු පවරන්නන් විසින් වසර හතකට වැඩි සිර දඬුවමක් ඉල්ලා තිබුණත් Arkansas ප්‍රාන්තයේ Gravetteහි විශ්‍රාමික ගිනි නිවන භටයෙකු සහ අශ්වාරෝහකයෙකු වන 63 හැවිරිදි Barnett වෙනුවෙන් නීතිඥයින් වසරක් දක්වා සිරදඬුවමක් ලබා දෙන ලෙස තර්ක කර තිබෙනවා.

නිල කටයුත්තකට බාධා කිරීම සහ අන්තරායකර ආයුධයක් සමඟ ගොඩනැගිල්ලකට ඇතුළුවීම ඇතුළු චෝදනා අටකට Barnett වරදකරු බවට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This