
හිටපු අමාත්‍ය මංගලගේ පුද්ගලික ලේකම් ඝාතනයට උන්ඩ 25 ක් තියලා
කඳාන පොලිසිය ඉදිරිපිට අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සමීර මනහර නැමැත්තාගේ මස්සිනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එම ස්ථානයේ තිබී වෙඩි හිස් පතුරම් කොපු 25ක් සොයාගත් බවද පොලිසිය පැවසුවා.
කඳාන පොලිසිය ඉදිරිපිට දී අද පෙරවරු 10.00 ට පමණ සුඛෝපභෝගී ජීප් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදුවුණා.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
එම වෙඩි තැබිමෙන් අදාළ ජීප් රථයේ ගමන් ගත් අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සමීර මනහර හෙවත් වැලි සමීර නැමැත්තාගේ මස්සිනා ජීවිතක්ෂයට පත්වුණා.
එලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි උපාලි කුලවර්ධන නැමැත්තෙක්.
වෙඩික්කරුගේ ප්‍රධාන ඉලක්කය වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සමීර මනහර නැමැත්තා ද තුවාල ලබා මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඔවුන් දෙදෙනා කායවර්ධන මධ්‍යස්ථානයට ගොස් නැවත නිවස වෙත යමින් සිටියදීයි මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
එම ස්ථානයේ තිබී හිස පතුරම් කොපු 25ක් සොයාගෙන අති බවද පොලිසිය පැවසුවා.
වෙඩි තැබීමෙන් අසල වෙළඳසැලක සිටි කාන්තාවකටද තුවාල සිදුව ඇති අතර ඇය ද මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
එමෙන්ම සුඛෝපභෝගී ජීප් රථයට වෙඩි ප්‍රහාර එල්ලවන අවස්ථාවේ එය පිටුපසට ධාවනය කිරීමත් සමඟ මාර්ගයේ සිටි තවත් පිරිමි පුද්ගලයෙකු ද රථයේ ගැටී තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.