කන්දේපුහුල්පොල ඔයේ ගසාගෙන ගිය පිරිමි පුද්ගලයාගේ සිරුරත් හමුවේ

කන්දේපුහුල්පොල ඔයේ ගසාගෙන ගිය පිරිමි පුද්ගලයාගේ සිරුරත් හමුවේ

වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට ඇඳ හැළුණු අධික වර්ෂාවත් සමග ඊයේ (17) සවස වැලිමඩ, බොරලන්ද, කන්දේපුහුල්පොල ප්‍රදේශයේදී ජල පහරකට ගසාගෙන යෑමෙන් අඹු සැමි යුවලක් අතුරුදන්ව සිට ඇති අතර කාන්තාවගේ සිරුර ඊයේ රාත්‍රියේ ප්‍රදේශවාසින් විසින් සොයා ගත් අතර පසුව අද (18) දිනයේ සැමියාගේ සිරුර ද සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම අඹුසැමි යුවල වයස අවුරුදු 33 සහ 37 වයසේ පසුවන අය බවයි.

වර්ෂාව අධික වීම හේතුවෙන් කන්දේපුහුල්පොල ඔයේ සැඩ ජල පහරක් තිබී ඇති අතර මෙම අඹු සැමි දෙදෙනා ඉන් එගොඩවීමට ගොස් ජල පහරට අසුව තිබෙනවා.

දිය පහරට ගසා ගෙන ගොස් ඇත්තේ ඩී.එම්. ලක්මාල් මධුසංක ( 37 ) සහ එච්.එම්.නාලනි ධනංජනී නැවති අඹු සැමි යුවලයි.

ලක්මාල් මධුසංක පොලිස් විශේෂ කාර්ය බලකා සැරයන් වරයෙක් වන අතර ඔහු ගෝනහේන කදවුරට අනුයුක්තව සේවය කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මොවුන්ට වයස අවුරුදු 8 පිරිමි දරුවෙකු ද සිටින බවයි.

මෙම දෙදෙනා ඔවුන්ට අයත් කන්දේපුහුල්පොල පිහිටි වගා බිමක වගා කටයුතු සිදු කර නැවත පැමිණෙන අතර තුර මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇති බව පොලිසිය පවසනවා.

Share This