“කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” ව්‍යාපෘතියේ පොහොර සහනාධාරය ළඟදීම

“කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” ව්‍යාපෘතියේ පොහොර සහනාධාරය ළඟදීම

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන “කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීමේ සමාරම්භය මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රුසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MOP පොහොර මෙට්‍රික් ටොන් 27,500ක් හා එප්පාවල රොක් පොස්පේට්, යූරියා මිශ්‍ර කර පොල් වගාව සඳහා විශේෂිත AMP පොල් පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිම රාජ්‍ය පොහොර සමාගම මේ වන විට කටයුතු කරමින් සිටින බව සඳහන්.

මෙම පොහොර සහන මිලට ලබාදීම සහ බෙදාහැරිම සඳහා අවශ්‍ය කටයුතු පොල් වගා කිරිමේ මණ්ඩලය සහ රාජ්‍ය පොහොර සමාගම් විසින් සාර්ථක ලෙස සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙහිදි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ වෙළෙඳපොළේ රු. 9,000ක් වැනි මිලක් ගන්නා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටිය රු. 4,000 ක සහන මිලකට ලබාදීමේ කටයුතු මේ මස 30 වන දින වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ, පොල් වගාකිරිමේ මණ්ඩලයේ හඳපානාගල පොල් පැල තවානේදි සිදු කිරිමට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බවයි.

මෙහිදි අක්කර 5ට අඩු අක්කර 1/4ට වැඩි පොල් වගාභූමි අක්කර 350,000 ක් ඇති බවට තොරතුරු පවතින බවත් පැවසු අමාත්‍යවරයා මෙමගින් විශාල පොල් වගා කරුවන් පිරිසකට ප්‍රතිලාභ හිමිවන බවද අවධාරණය කර සිටියා.

රුපියල් මිලියන 5,600ක ආයෝජනයක් මත මෙම පොහොර සහනාධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මෙම පොල් පොහොර භාවිතා කොට රටේ පොල් අවශ්‍යතාව සම්පූර්ණ කිරිම අරමුණ බවත් මෙම පොහොර යෙදිමෙ න් වසර 1 ½ කට පසු අස්වැන්න වැඩි කරගෙන එම අරමුණ සාක්ෂාත් කරගැනිම අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

පොල් වගාකරුවන් මෙම සහනාධාරය ලබා ගැනීමට පොල් වගා කිරිමේ මණ්ඩලය මඟින් සකස් කළ ඉල්ලුම් පත්‍රය පුරවා අදාල බලයලත් ආයතන වෙත ඉදිරිපත් කළ යුතු අතර ඉල්ලුම් පත්‍රය https://coconutsrilanka.lk/ යනපොල් වගා කිරිමේ මණ්ඩලයේ නිල වෙබ් අඩවියෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

Share This