කමලා හැරිස් ටැන්සානියාවට

කමලා හැරිස් ටැන්සානියාවට

අමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිනි කමලා හැරිස් සිය පළමු අප්‍රිකානු සංචාරයේ දෙවන අදියර සඳහා ටැන්සානියාවට පැමිණ තිබෙනවා

ඇය යුක්‍රේනයේ පවතින යුද්ධය සම්බන්ධයෙන් ටැන්සානියාවේ මැදිහත් නොවීම පිළිබඳ ගැටළුව මතු කිරීමට අපේක්ෂා කරන අතර එහිදී එරට ජනාධිපති Samia Suluhu හමුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

රුසියානු ආක්‍රමණය හෙළා දැකීම සඳහා තවත් රටවල් රැසක සහය ලබා ගැනීමට එක්සත් ජනපදය යොමු වී තිබෙනවා.

එක්සත් ජනපද උප ජනාධිපතිවරයාගේ මෙම සංචාරය චීනය සහ රුසියාව වැනි ගෝලීය බලවතුන් විසින් අප්‍රිකාවට බලපෑම් කිරීමේ සූදානම වර්ධනය වන තවත් එක් අවස්ථාවක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This