
කරදිය – මිරිදිය ධීවරයින්ට හදිසි රක්ෂණ ක්‍රමයක්
මේ වන විට කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් විවිධ කෘෂි කාර්මික වගාවන් හා කෘෂි කර්මාන්තයට අදාළ ක්ෂේත්‍ර සඳහා විවිධ රක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වා දී ඇති අතර, ධීවර ජනතාව වෙනුවෙන් සුවිශේෂී වූ මෙම රක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
එම මණ්ඩලය පවසන්නේ මෙම හදිසි අනතුරු රක්‍ෂණ යොජනා ක්‍රමය, තම ජීවනෝපාය ලෙස කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා කිමිදුම් කටයුතුවල නිරතව සිටින්නා වූ ධීවර ප්‍රජාව සඳහා හදුන්වාදී ඇති බවයි.
මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින්, අයහපත් කාලගුණික/දේශගුණික තත්ත්වයන් හේතු කොටගෙන හෝ ධීවර රැකියාවේ නිරතව සිටින අතරතුර දී සිදුවන ඕනෑම හදිසි අනතුරකින් සිදුවිය හැකි ජීවිතය අහිමිවීමක් හෝ අනෙකුත් අර්කමණ්‍ය වීම් වලදී රක්‍ෂණාවරණ ලබාදීම සිදුකරනු ලබනවා.
මෙමගින් ධීවර කටයුතුවලින් බැහැරව සිටින අවස්ථාවකදී වුවද අහඹු අනතුරකින් සිදුවන මරණය හෝ වෙනත් අකමණ්‍යතාවන් සඳහා ද රක්ෂණ ප්‍රතිලාභ සැලසේ.
රු.2000/- වැනි වාර්ෂික රක්ෂණ වාරිකයක් යටතේ හදිසි මරණයකදී රුපියල් ලක්‍ෂ 12 ක වන්දියක් ප්‍රතිලාභියාට හිමි වනු ඇති.
මීට අමතරව පූර්ණ හා තාවකාලික අර්කමණ්‍යතාවයන් හිදී වන්දි ගෙවීම් සිදු කෙරෙන අතර අනතුරක් හේතුවෙන් සිදුවන එක් ඇසක් අහිමිවීම, එක් ගාත්‍රයක් අහිමිවීම, පූර්ණ වශයෙන් කථනය අහිමි වීම වැනි තත්ත්වයන්හිදී ඉතා කඩිනමින් වන්දි ගෙවීමට කටයුතු යොදා ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලය පවසනවා.
