කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති හදිසියේ මිය යයි

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති හදිසියේ මිය යයි

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහිල් රංගජීව මුණසිංහ මහතා අද (21) උදෑසන හඩිසියේ මිය ගොස් තිබෙනවා.

උදෑසන ව්‍යායාම සඳහා ඇවිදීමට නිවසින් පිටතට පැමිණ සිටි අවස්ථාවේ දී ඔහු කරන්දෙණියේ, බොරකන්ද රෝහල අසළ දී මියගොස් ඇති බව ප්‍රදේශවාසීන් පැවසුවා.

ජාතික ජන බලවේගයෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ද ඉදිරිපත් වූ මහිල් මුණසිංහ මහතා පළාත් පාලන මැතිවරණයෙන් පසු කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් වුණා.

Share This