කරන්දෙනියේ  මව – පුතා මැරූ කොටියා කුමාර අත්අඩංගුවට

කරන්දෙනියේ මව – පුතා මැරූ කොටියා කුමාර අත්අඩංගුවට

කරන්දෙනිය , කොටවෙල ප්‍රදේශයේ පසුගිය 11 වැනිදා සවස මව සහා පුතා කපාකොටා ඝාතනය කිරිමට සම්බන්ධ සැකකරු තියුනු ආයුධයක් සමග කරන්දෙනිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවස තුල දි තියුනු ආයුධයකින් ගෙල ප්‍රදේශයට කැපුම් තුවාල සිදුකර 75 වන වියේ මව හා 25 හැවිරිදි පුතා ඝාතනය කර තිබිය දී කරන්දෙනිය පොලිසිය සොයාගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු අසල්වැසි නිවසේ පදිංචි අයකු වන අතර කසිප්පු ජාවරම සහ කපාකොටා ප්‍රදේශවාසීන් බිය වැද්දිම්වලට අදාල නඩු පවතින කොටියා කුමාර නැමැත්තෙකු බව පොලිසිය පැවසුවා.

 

Share This