කර්නාටක ප්‍රාන්ත සභා මැතිවරණයේ ජය ඉන්දීය කොංග්‍රසයට

කර්නාටක ප්‍රාන්ත සභා මැතිවරණයේ ජය ඉන්දීය කොංග්‍රසයට

කර්නාටක ප්‍රාන්ත සභා මැතිවරණයේ ජය තහවුරු කර ගැනීමට ඉන්දීය කොංග්‍රසය සමත්ව තිබෙනවා

ඒ අද (13) පස්වරුවේ නිකුත් කෙරුණු ප්‍රතිඵල අනුවයි.

පසුගිය 10 වැනිදා පැවති මැතිවරණය ප්‍රාන්ත සභාවට සාමාජිකයින් 224 දෙනෙකු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වුණා.

මැතිවරණයෙන් ඉන්දීය කොංග්‍රසය ආසන 136 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේ භාරතීය ජනතා පක්ශය පරදවමින්.

එහිදී භාරතීය ජනතා පක්ශයට ලබා ගත හැකි වූයේ ආසන 65 ක් පමණයි

1985 වසරෙන් පසු දේශපාලන පක්ෂයක් කර්නාටක ප්‍රාන්තයේ තනිව බහුතර බලයක් ලබාගත් පළමු අවස්ථාව මෙය වනවා.

Share This