
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්
කර්මාන්ත අමාත්‍යංශයේ ක්‍රියාකාරිත්වය සහ දිස්ත්‍රික් මට්ටමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම පිළිබඳව විශේෂ හමුවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති හා නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
මෙහි ප්‍රමුඛතාවය වන්නේ දිස්ත්‍රික්වලට අදාළ මන්ත්‍රීවරුන් 25 දෙනකුගේ මැදිහත්වීම යටතේ එම දිස්ත්‍රික්වලට අදාළ ගැටළු විසදීමේ යාන්ත්‍රණයන් දියත් කිරීමයි.
කර්මාන්ත ප්‍රවර්ධන කමිටු සහ ඒවායේ ක්‍රියාකාරිත්වය මේ වනවිට අමාත්‍යාංශය මඟින් දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්ත කමිටු පිහිටුවීම ක්‍රියාත්මක කර තිබෙනවා.
එම කමිටුවලට දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්, ආණ්ඩුකාරවරයා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහභාගී වනු ඇති.
තවද ප්‍රාදේශීය ලේකම් මට්ටමින්ද ප්‍රාදේශීය කර්මාන්ත කමිටු පවතින අතර ඒවා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විසින් මෙහෙයවනු ලැබේ.
මෙම කමිටුවල ප්‍රධාන අරමුණ වන්නේ කර්මාන්ත ආශ්රිත ගැටලු ,ඉඩම් ගැටලු, අමුද්‍රව්‍ය ප්‍රවාහන ගැටලු, බැංකු ණය ගැටළු, බලශක්ති ගැටළු, ප්‍රාදේශීය මට්ටමින් විසඳා ගැනීමයි.
ඒ අනුව ප්‍රාදේශීය මට්ටමින් විසඳා ගත නොහැකි ගැටලු දිස්ත්‍රික් කමිටුවට ඉදිරිපත් කළ යුතු අතර එහිදී ද විසඳාගත නොහැකි ගැටලු අමාත්‍යාංශයට යොමු කළ යුතු වනවා.
බදු ගැටලු, ආනයන අපනයන ගැටලු වැනි ප්‍රතිපත්තිමය ගැටලු විසඳීම මෙහිදී අමාත්‍යාංශය මගින් සිදු කෙරේ.
කර්මාන්ත අංශය සඳහා උපදේශක කමිටු 24ක් පමණ පවතී.
මෙම කමිටු මගින් ප්‍රතිපත්තිමය කරුණු, ආනයන – අපනයන නීති සාකච්ඡා කර ප්‍රතිපත්තිමය තීරණ ගනු ලැබේ.
ඒවා අමාත්‍යාංශය, කැබිනට් මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය හෝ වෙළඳ අමාත්‍යාංශය වෙත යොමු කෙරෙනු ඇති.
ඉහත සඳහන් කරන ලද ඉඩම් සහ ව්‍යාපාර පිළිබඳ දත්ත සහ වාර්තා සකස් කර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමට
එක් එක් දිස්ත්‍රික්ක වලට අදාළව කර්මාන්ත අමාත්‍යංශය සම්බන්ධීකරණය සිදුකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහත පරිදි වේ.
🟣 වසන්ත පියතිස්ස මහතා – අම්පාර දිස්ත්‍රික්කය
🟣 උපාලි සමරසිංහ මහතා – වවුනියාව දිස්ත්‍රික්කය
🟣 ඔෂානි උමංගා මහත්මිය – කළුතර දිස්ත්‍රික්කය
🟣 නන්දන පද්ම කුමාර මහතා – කළුතර දිස්ත්‍රික්කය
🟣 අජන්ත ගම්මැද්දගේ මහතා – මාතර දිස්ත්‍රික්කය
🟣 ටී. කේ. ජයසුන්දර මහතා – ගාල්ල දිස්ත්‍රික්කය
🟣 රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා – යාපනය දිස්ත්‍රික්කය
🟣 වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මහතා – මුලතිව් දිස්ත්‍රික්කය
🟣 අරුණ පනාගොඩ මහතා – කොළඹ දිස්ත්‍රික්කය
🟣 කන්දසාමි ප්‍රභූ මහතා – මඩකලපුව දිස්ත්‍රික්කය
🟣 පද්මසිරි බණ්ඩාර මහතා – පොළොන්නරුව දිස්ත්‍රික්කය
🟣 රවීන්ද්‍ර බණ්ඩාර මහතා – බදුල්ල දිස්ත්‍රික්කය
🟣 විජේසිරි බස්නායක මහතා – කුරුණෑගල දිස්ත්‍රික්කය
🟣 සුනිල් රාජපක්ෂ මහතා – රත්නපුර දිස්ත්‍රික්කය
🟣 දීප්ති වාසලගේ මහත්මිය – මාතලේ දිස්ත්‍රික්කය
🟣 රුවන් විජේවීර මහතා – මොනරාගල දිස්ත්‍රික්කය
🟣 අතුල වෙළඳගොඩ මහතා – හම්බන්තොට දිස්ත්‍රික්කය
🟣 චම්පික හෙට්ටිආරච්චි මහතා – ගම්පහ දිස්ත්‍රික්කය
🟣 මුහම්මද් ෆයිසාල් මහතා – පුත්තලම දිස්ත්‍රික්කය
🟣 තිළිණ සමරකෝන් මහතා – අනුරාධපුර දිස්ත්‍රික්කය
🟣 රොෂාන් අක්මීමන මහතා – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
🟣 තනුර දිසානායක මහතා – මහනුවර දිස්ත්‍රික්කය
🟣 මංජුල සුරවීර මහතා – නුවරඑළිය දිස්ත්‍රික්කය
🟣 ආර්. එම්. සමන්ත රණසිංහ මහතා – කෑගල්ල දිස්ත්‍රික්කය
🟣 එම්. ජෙගදීස්වරන් මහතා – මන්නාරම දිස්ත්‍රික්කය
🟣 ඉලන්කුමාරන් මහතා – කිලිනොච්චි