කල්බදු වාරිකය නොගෙව්වාට වාහනය පැහැර ගැනීම නීති විරෝධී බවට අධිකරණ නියෝගයක්

කල්බදු වාරිකය නොගෙව්වාට වාහනය පැහැර ගැනීම නීති විරෝධී බවට අධිකරණ නියෝගයක්

කල්බදු වාරික නොගෙවීම හේතුවෙන් ලීසිං සමාගමක් විසින් පැහැරගත් වෑන් රථයක් යළි එහි ලියාපදිංචි හිමිකරුටම ලබාදෙන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එහිදී අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර ඇත්තේ කල්බදු ගෙවීම පැහැරහැර ඇති අවස්ථාවක වුවත්, වාහනයක් පැහැර ගැනීමට කල්බදු සමාගමකට කිසිදු නීතිමය බලයක් නොමැති බවයි.

යම් පුද්ගලයෙක් කල්බදු වාරික ගෙවීම පැහැර හරින්නේ නම්, ඒ පිළිබඳව දිසා අධිකරණයට කරුණු වාර්තා කළ යුතු බවද අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Share This