කලාකරුවන් සඳහා රකෂණ ඔප්පු ප්රදානය අගමැති ප්‍රධානත්වයෙන් (වීඩියෝ)
කිසිඳු මුදලක් අය නොකර පිරිනමන වෛද්‍යාධාර, හදිසි අනතුරු රකෂණය කලාකරුවන් වෙනුවෙන් දියහැකි හොඳ ත්‍යාගය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (20) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති උත්සවයකට එක්වෙමින්.
කලාකරුවන් සඳහා රකෂණ ඔප්පු ප්රදානය ඊයේ පස්වරුවේ අරලියගහ මන්දරයේ දී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ජාතික උරුම ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලාශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ද අග්‍රාමාත්‍යවරයා අතින් මෙහිදී අන්තර්ජාලයට එක් කළා.
ඊට සමගාමීව කලාකරු දත්ත පද්ධතිය එළිදැක්වීම ද සිදු කෙරුණු අතර, එහිදී ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය හා නර්ථන ශිල්පී කොටහේවගේ ග්රැන්ටින් සිල්වා යන මහත්වරුන්ගේ දත්තයන් දත්ත පද්ධතියට ඇතුළත් කළා.