කලා වැව අලින්ට බාර දෙමු (VIDEO)

කලා වැව අලින්ට බාර දෙමු (VIDEO)

කලාවැවේ භූමි ප්‍රදේශ අලි ඇතුන් වෙනුවෙන් වෙන් කිරීමේ විශේෂ වැඩසටහක් මේ දිනවල ක්‍රියාක්මක වෙමින් තිබෙනවා.

කලාවැව අලින්ට බාරදෙමු යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

කලාවැව ආශ්‍රිත භූමිය වන අලින්ගේ සොදුරු වාසස්ථානයක් ලෙස සැලකෙනවා.

කෙසේ වෙතත් මෑත කාලය වන විට කලාවැව සහ ඊට ආසන්න ප්‍රදේශ අලි මිනිස් ගැටුම උග්‍ර ප්‍රදේශ බවට පත්ව තිබෙනවා.

මෙම භූමි ප්‍රදේශ මිනිසුන් විසින් මෙන්ම වන සතුන් විසින්ද පොදුවේ භාවිතයට ගන්නා භූමි ප්‍රදේශ බවට පත්ව තිබීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුවක්.

කලාවැව ආශ්‍රිත භූමියේ ආක්‍රමණික ශාක ව්‍යාප්ත වීම හේතුවෙන් තෘණ වගාව විනාශ වී ඇති අතර, එම තත්ත්වය ද වන අලි ගම්වැදීමට හේතුවක් ලෙස හදුනාගෙන තිබෙනවා.

මෙම කරුණ සැලකිල්ලට ගනිමින් කලාවැව අලින්ට බාරදෙමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර, එහිදී සිදුවන්නේ කලාවැව ආශ්‍රිතව පැතිර ගොස් ඇති ආක්‍රමණික ශාක ඉවත්කර එය තෘණ වගාවට හිතකර භූමියක් බවට පත් කිරීමයි.

ඒ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, ස්වේච්ඡා සංවිධාන, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දායකත්වයද හිමිවී තිබෙනවා.

Share This