
කවුඩුල්ලෙ “ඇසල” සංචාරකයින් පසුපස පන්නයි (VIDEO)
මෙරට වන අලින්ගේ සමීප හැසිරීම් නැරඹීමේ අරමුණින් කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට මේ දිනවල දෙස් විදෙස් සංචාරයකින් විශාල පිරිසක් පැමිණෙනවා.
එසේ පැමිණි සංචාරයකින් පිරිසකට ඊයේ දිනයේ දී ත්‍රාසජනක අත්දැකීමකට මුහුණපාන්න සිදුවුණා.
ඒ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සිටින ”ඇසළ” ලෙස නම් ඇතා සෆාරි ජීප් රථයක් පිටුපස මීටර් 300කට වැඩි දුරක් විටින් විට එළවීම නිසයි.
එම ජීප් රථයේ සිටි සංචාරකයෙක් එම දර්ශන සිය ජංගම දුරකථනයෙන් පටිගත කරගෙන තිබුණා.
මෙම ඇතාගේ ජීප් රථය පටුපස එළවීම සම්බන්ධව කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ මෙම ඇසළ හස්තියා මේ දිනවල මද කිපුණු තත්ත්වයේ පසුවන බවයි.