කසකස්තානයේ ප්‍රචණ්ඩත්වයෙන් මියගිය ගණන 164 දක්වා ඉහළට(VIDEO)
කසකස්තානයේ ඇතිවූ විරෝධතා මර්දනය කිරීමේදී අවම වශයෙන් 164 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර “සැලකිය යුතු විදේශිකයින් සංඛ්‍යාවක්” ඇතුළුව පුද්ගලයින් 6,000 කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව කසකස්තානයේ ජනාධිපති කාර්යාලය ඊයේ (09) ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඇති වූ උද්ඝෝෂණ රට පුරා ව්‍යාප්ත වීමත් සමඟ විශාල කැරලි බවට පත් වුණා.
පසුගිය සතියේ රුසියාව ඇතුළු රටවල හමුදාවන් කසකස්තානයට පැමිණ රට යථා තත්ත්වයට පත් කිරීමට සහාය වුණා.
තවදුරටත් හදිසි තත්ත්වයක් සහ රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.
බීබීසී පුවත් සේවයේ ස්ටීව් රොසෙන්බර්ග් කසකස්තානයේ අගනුවරට පැමිණ පවතින තත්ත්වය පිළිබඳ විස්තර කළ අයුරු පහතින්