කහතුඩුවේ දී 26 හැවිරිදි කාන්තාවක වැඩි පරීක්ෂාවට ගිය වෛද්‍යවරයෙක් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට

කහතුඩුවේ දී 26 හැවිරිදි කාන්තාවක වැඩි පරීක්ෂාවට ගිය වෛද්‍යවරයෙක් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට

කහතුඩුව, වෑතර දිසා රෝහල තුළදී 26 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 40 හැවිරිදි වෛද්‍යවරයකු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

කහතුඩුව පොලිසිය පැවසුවේ මේ පුද්ගලයා බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙක් බවයි.

පැමිණිලිකාර කාන්තාව ඇයට වැළඳී තිබූ රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඉකුත් 12 වෙනිදින කහතුඩුව, වෑතර දිසාරෝහ ගොස් තිබෙනවා.

පොලීසිය පවසන්නේ එදින වෛද්‍යවරයෙකු ගෙන් ලද උපදෙස් අනුව මුත්‍රා සාම්පලයක් පරික්ෂා කර ගෙන යලි 19 වෙනි දින ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත පැමිණ ඇති බවයි.

එම අවස්ථාවේදී බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරියක් සිට ඇති අතර පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම අවස්ථාවේදී පෙර උපදෙස් ලබා දී තිබූ සැකකාර වෛද්‍යවරයා අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම පසෙකලා පැමිණිකාරිය සන්තකයේ තිබූ වෛද්‍ය වාර්තා රැගෙන පරික්ෂාවට ලක් කර තිබෙන බවත්, පැමිණිලිකාරිය පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා කාන්තා නිලධාරිනියක් නොමැති කාමරයක් තුළට රැගෙන ගොස් පරික්ෂා කළ බවත් පැමිණිළිකාරිය පවසා තිබෙනවා.

එහිදී අදාල වෛද්‍යවරයා අතවර කළ බව අදාල කාන්තාව පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

පැමිණිලිකාර කාන්තාවට අධිකරණ වෛද්‍ය පෝරම ලබාදීමෙන් පසු ඊයේ (24) දෙපර්ශය කැඳවා විමර්ශනය කළ බවද පොලිසිය සඳහන් කළා.

පොලිසිය සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඒ අනුවයි.

Share This