‘කහවත් පෙළහර මුණි සිරිපා වන්දනා’ පූජාව අති සාර්ථකව අවසන් (වීඩියෝ)
ස්වාමින් වහන්සේ 300 නමක් සිරිපා වන්දනා කරවන ‘කහවත් පෙළහර මුණි සිරිපා වන්දනා’ පූජාව අතිසාර්ථකව නිමාවට පත් වුණා.
මේ පින්සාර පූජාව සඳහා බැතිබර මාධ්‍ය දායකත්වය ලබා දුන්නේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයයි.
උපන්දා සිට කිසි දිනෙක සිරිපා කරුණා නොකළ ස්වාමින් වහන්සේ 300 නමක් සිරිපා වන්දනා කරවන ‘කහවත් පෙළහර මුණි සිරිපා වන්දනා’ පූජාව රත්නපුර මහ සමන් දේවාලයෙන් ඊයේ (15) පස්වරුවේ ආරම්භ වුණා.
‘කහවත් පෙළහර මුණි සිරිපා වන්දනා’ පූජාව දකුණට එළියක් පදනමේ සංවිධානයෙන් ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයේ බැතිබර මාධ්‍ය දායකත්වයෙන් සිදුවුණා.
ඊයේ පෙරවරුවේ දිවයිනේ නන් දෙසින් වැඩම කළ ස්වාමින් වහන්සේ රත්නපුර මහ සමන් දේවාලය වෙත වැඩම කළ අතර, උන්වහන්සේ රතන සූත්‍රය දේශනා කරමින් මෙම පූජාව සඳහා ආශිර්වාද ලබා ගත්තා.
ඉන් අනතුරුව පලාබද්දල මාර්ගය ඔස්සේ ‘කහවත් පෙළහර මුණි සිරිපා වන්දනා’ පූජාව ආරම්භ වූ අතර, ස්වාමීන්ව හන්සේලා පෙරටු කොටගත් වන්දනා නඩය ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කළා.
උපන්දා සිට කිසි දිනෙක සිරිපා කරුණා නොකළ ස්වාමින් වහන්සේ සමඟින් මෙම ‘කහවත් පෙළහර මුණි සිරිපා වන්දනා’ පූජාව අද (16) පෙරවරුව වන් විට සාර්ථාකව අවසන් වුණා.