
කළුතර උතුරේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටී අනතුරක් (VIDEO)
කළුතර උතුර වස්කඩුව ප්රදේශයේ දී දුම්රියක මෝටර් රථයක් ගැටී දෙදෙනකු තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා.
පොලිසිය සදහන් කළේ අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනකු බවයි .
මරදාන සිට කළුතර බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රිය වස්කඩුව කෝන්ගස් හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී මෙම මෝටර් රථය දුම්රියේ ගැටී තිබුණා.
මෝටර් රථය ගාළු පාර දෙස සිට මුහුදුබඩ දෙසට ගමන්කර සිට අති අතර, අනතුරෙන් මෝටර් රථයට බරපතළ හානි සිදුව තිබෙනවා.
තුවාල ලැබූ දෙදෙනා මෝටර් රථය තුල සිරවී සිට ඇති බවත් , ප්රදේශයේ තරුණයන් දැඩි පරිශ්රමයක් යොදා බේරාගෙන ඇති බවත් වාර්තා වුණා.
මෙම ස්ථානයේ දුම්රිය ආරක්ෂක විදුලි පද්ධතිය ක්රියා කරන බවත් රියැදුරු එය නොතකා දුම්රිය මාර්ගයට මෝටර් රථය ඇතුළු කරන ආකාරය ඒ අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා.
දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් තිහක් පමණ ඉදිරියට ඇදී ගොස් තිබුණා.