කළු මුහුදට කඩා වැටුණු එක්සත් ජනපද ඩ්‍රෝන යානයේ වීඩියෝ දර්ශන

කළු මුහුදට කඩා වැටුණු එක්සත් ජනපද ඩ්‍රෝන යානයේ වීඩියෝ දර්ශන

රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් එක්සත් ජනපද ඩ්‍රෝන යානයක ගැටීමෙන් පසු ඩ්‍රෝන යානය කළු මුහුදට කඩා වැටී ඇති බව අමෙරිකානු හමුදාව පසුගියදා ප්‍රකාශ කළා

ඒ අනුව රුසියානු ප්‍රහාරක ජෙට් යානය කළු මුහුදට ඉහළින් ගමන් ගත් එක්සත් ජනපද ඩ්‍රෝන යානයේ ගැටෙන අවස්ථාවේ වීඩියෝ දර්ශන එක්සත් ජනපද හමුදාව විසින් නිකුත් කර තිබෙනවා .

එක්සත් ජනපදය පැවසුවේ විශාල ඩ්‍රෝන යානයට හානි වීමෙන් එය ක්‍රිමියාව අසලට ගෙන ඒමට සිදු වූ බවයි.

එක්සත් ජනපදයේ රුසියානු තානාපති ඇනටෝලි ඇන්ටනොව් සඳහන් කරන්නේ ඩ්‍රෝන යානය “විශේෂ හමුදා මෙහෙයුම සඳහා පිහිටුවා ඇති තාවකාලික ගුවන් සීමාවේ සීමාවන් උල්ලංඝනය කර ඇති” බවයි.

ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකවරයා පවසන්නේ රුසියාවේ මෙම ක්‍රියාව හිතාමතා හෝ අහම්බෙන් සිදු වූවක්ද යන්න පැහැදිලි නැති බවත් ඩ්‍රෝන යානය ගුවන් සීමාවේ සීමාවන් උල්ලංඝනය කර නොමැති බවත්ය.

එක්සත් ජනපදය වීඩියෝව නිකුත් කිරීම සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනය තවමත් ප්‍රතිචාර දක්වා නැහැ .

Share This