කළු මුහුද ඉහළින් පියාසර කිරීමෙන් ‘වළකින ලෙස’ ගුවන් සමාගම්වලට උපදෙස් (PHOTOS)
රුසියානු නාවික අභ්‍යාස හේතුවෙන් සඳුදා සිට සෙනසුරාදා දක්වා කළු මුහුද ඉහළින් පියාසර කිරීමෙන් වළකින ලෙස යුක්රේනය ගුවන් සමාගම්වලට උපදෙස් දී තිබෙනවා.
“හෙට සිට, ගුවන් සමාගම්වලට මෙම ප්‍රදේශය හරහා පියාසර නොකරන ලෙසත්, වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්රශස්ත මාර්ග කල්තියා සැලසුම් කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ,” යනුවෙන් යුක්රේනයයේ රාජ්‍ය ගුවන් ගමනාගමන සේවය නිවේදනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
පුළුල් නාවික අභ්‍යාසවල කොටසක් ලෙස රුසියානු නෞකා 30 කට වැඩි ප්‍රමාණයක් පුහුණු අභ්‍යාස ආරම්භ කර ඇති බව RIA ප්රවෘත්ති ඒජන්සිය සෙනසුරාදා වාර්තා කර තිබුණා.
රුසියානු හමුදා බෙලරුස් රාජ්‍යයේ,ක්‍රිමියා අර්ධද්වීපයේ සහ යුක්රේන දේශ සීමා අසල ස්ථානගත කරමින් කොටුකර ඇති බවයි එම මාධ්‍ය වාර්තා මගින් පෙන්වා දී තිබුණේ.