ක්‍රමයේ වෙනසක් කරන්න ආව රජය අද තෙල් පෝලිම් ඇති කරලා

ක්‍රමයේ වෙනසක් කරන්න ආව රජය අද තෙල් පෝලිම් ඇති කරලා

රටේ ඉන්ධන බෙදාහැරිම අඩපණ වී ඇති බවත් පිරවුම්හල් හිමියන් තෙල් සංස්ථාව අතර ඇති කර ගත් ගිවිසුම තෙල් සංස්ථාව උල්ලංඝනය කර ඇති නිසා අර්බුධයක් ඇතිව තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා

ඔහු මේ බව කියා සිටියේ අද (02) අනුරාධපුරයේ ගොවි සංවිදාන එකමුතුව සමග පැවැති හමුවකදීයි.

මේ හේතුවෙන් තෙල් පෝලිම් මතුව තිබෙන බවත් වත්මන් රජය ක්‍රමයේ වෙනසක් කියා බලයට පත්වුවත් තෙල් පෝලිම් ඇති කිරීම ක්‍රමයේ වෙනසක් ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසුවා

දැන දැනම මේ ගිවිසුම් උල්ලංඝනය කරන විට මෙවැනි තත්ත්වයක් නිර්මාණය වන බව මොවුන්ට නොතේ⁣රෙන බවත් රටක් කාර්යක්ෂම පාලනය කරන්න දැනුමක් හා සුදුසු පුද්ගලයන් නොමැති බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ

Share This