ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් අගමැතිගේ අවධානය

ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් අගමැතිගේ අවධානය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ අභිනවයෙන් පත් වූ ස්වාධීන සභාපති, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අඛණ්ඩතාව සහ මානව සම්පත් පිළිබඳ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී ඇලෙක්ස් මාෂල් මහතා පසුගිය වසර හත තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අවදානය යොමු කළ බව සඳහන්.

එහිදී ක්‍රීඩකයින්ගේ අධ්‍යාපනයේ වැදගත්කම සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබෙනවා.

Share This