ක්‍රිකට් ලෝලීන්ගේ අහිංසක බලාපොරොත්තු සියල්ල බොඳවෙයි

ක්‍රිකට් ලෝලීන්ගේ අහිංසක බලාපොරොත්තු සියල්ල බොඳවෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට තිබූ අවසන් අවස්ථාවත් අද (12) අහිමි වුණා.

ඒ අද පැවැත්වීමට නියමිතව තිබූ 20 – විස්ස ලෝක කුසලානයේ 23 වු ශ්‍රී ලංකාව හා නේපාලය අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වු නිසා තරගය අතහැර දැමීමට තීරණය කිරීම හේතුවෙන්.

මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ දකුණු අප්‍රිකාව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්වුණා.

එමෙන්ම මෙවර ලෝක කුසලානයේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය නෙදර්ලන්තයට එරෙහිව එළඹෙන 17වැනිදා සෙන්ට් ලුෂියා හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Share This