‘ක්‍රිමියා පාලම’ පුපුරුවා හැරීම යුක්‍රේනයේ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පුටින්ගෙන් චෝදනා (VIDEO)

‘ක්‍රිමියා පාලම’ පුපුරුවා හැරීම යුක්‍රේනයේ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පුටින්ගෙන් චෝදනා (VIDEO)

ක්‍රිමියාවට යන පාලමට යුක්‍රේනය විසින් එල්ල කර ඇති ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චෝදනා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රුසියාවේ සිවිල් යටිතල ව්‍යුහයේ තීරණාත්මක වැදගත් කොටසක් විනාශ කිරීම යුක්‍රේන බුද්ධි අංශවල අරමුණ වී ඇති බව රුසියාවේ විමර්ශන කමිටුවේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් බැස්ට්‍රිකින් හමුවූ අවස්ථාවේදී ජනාධිපති පුටින් සඳහන් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

‘ක්‍රිමියා පාලම මතදී ගමන් කරමින් තිබු ලොරියක් පිපිරී යන අයුරු වීඩියෝ දර්ශනවල දක්නට ලැබෙන අතර එරට බලධාරීන් පවසා තිබෙන්නේ මෙම පිපිරීමෙන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.

එමෙන්ම පිපිරී ගිය මෙම ලොරිය බල්ගේරියාව, ජෝර්ජියාව, ආර්මේනියාව, උතුරු ඔසෙටියා සහ ක්‍රස්නෝඩර් ප්‍රදේශය හරහා ගමන් කර ඇති අතර පරීක්ෂකයින් විසින් එය තහවුරු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් යුක්‍රේන බලධාරීන් මෙම ප්‍රහාරය පිටුපස තම හමුදාවන් සිටි බව පෙන්වා දී නැති අතර යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ගේ උපදේශකයෙකු වන Mykhailo Podolyak රුසියානු ජනාධිපතිවරයාගේ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා

රුසියානු බලධාරීන් ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු පාලමේ මාර්ග කොටස අර්ධ වශයෙන් සැහැල්ලු ගමනාගමනය සඳහා පමණක් නැවත විවෘත කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

19km දිගින් යුත් මෙම පාලම, යුරෝපයේ දිගම පාලම වන අතර යුක්‍රේනයේ සටන් කරන රුසියානු හමුදා සඳහා වැදගත් සැපයුම් මාර්ගයක්ද වනවා

රුසියාවේ සිට දකුණු යුක්‍රේනයේ යුධ පිටියට හමුදා උපකරණ, පතොරම් සහ පිරිස් රැගෙන යාමට රුසියාව මෙම පාලම භාවිතා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

Share This