ක්‍රීඩා අමාත්‍යාංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් සිදුකරන ලෙස අගමැතිනියගෙන් උපදෙස්

ක්‍රීඩා අමාත්‍යාංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් සිදුකරන ලෙස අගමැතිනියගෙන් උපදෙස්

ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වියදම් කිරීම පිළිබඳ සංඛ්‍යා ලෙඛන පැවතියද එහි ප්‍රගතිය සම්බන්ධයෙන් නිසි විගණනයක් අවශ්‍ය බවත්, කඩිනමින් ඒ පිළිබඳ අභ්‍යන්තර විගණනයක් සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය උපදෙස් දී තිබෙනවා.

අද (27) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන වල ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළ බව සඳහන්.

එහිදී උත්සව පැවැත්වීම වෙනුවෙන් සිදු කරන අනවශ්‍ය මුදල් හා රාජ්‍ය සම්පත් නාස්තිය වහා නවත්වන ලෙසටද අග්‍රාමාත්‍යවරිය උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම ක්‍රිඩා අංශවල සිදුවන අපයෝජන සහ හිංසා වැලැක්වීමේ කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍ය බව මෙන්ම රාජ්‍ය ආයතන වල සිදු වූ වංචා දූෂණ සොයන්න විශේෂ කමිටුවක් පත්කිරීමට අදාළ උපදෙස් ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

Share This