
ක්ලබ් වසන්තගේ බිරිඳගේ අත්බෑගයෙන් රිවොල්වර් වර්ගයේ ගිනි අවියක් සොයා ගැනේ
අතුරුගිරිය නගරයේ අද (08) පෙරවරුවේ වෙඩි තැබීම සිදු වූ ව්‍යාපාරික ස්ථානයේ තිබී සොයා ගත් ක්ලබ් වසන්තගේ බිරිඳගේ අත්බෑගයෙන් රිවොල්වර් වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන තිබෙනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසුවේ එම රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය පොලිස් භාරයට ගෙන ඇති අතර ඊට බලපත්‍ර සහිත ද නැද්ද යන්න පරීක්ෂා කරන බවයි
එමෙන්ම, මෙම වෙඩි තැබීම විදේශයක සිට සැලසුම් කර මෙහෙයවූවක් බවට සැක පළ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළා.
සිද්ධියෙන් 6දෙනෙක් තුවාල ලැබූ අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙක් මිය ගියා.
එමෙන්ම තුවාල ලැබු දෙදෙනෙක් ජාතික රෝහලේ සහ තවත් දෙදෙනෙක් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්
කෙසේ වෙතත් තුවාල ලැබූ පිරිස අතර සිටින ගායන ශිල්පිණී කේ. සුජීවා මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා
මේ අතර වෙඩික්කරුවන් පැමිණි වාහනය කඩුවෙල, කොරතොට ප්‍රදේශයෙන් දමා ගොස් තිබියදී සොයා ගෙන තිබූ අතර ඔවුන් ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකින් පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ