ක්ලබ් වසන්තගේ මරණය පිළිබඳව ටැටූ ආයතනයේ හිමිකරුගේ පාපොච්චාරණය

ක්ලබ් වසන්තගේ මරණය පිළිබඳව ටැටූ ආයතනයේ හිමිකරුගේ පාපොච්චාරණය

ඩුබායිවලින් පැමිණි ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් මත තමන් ක්ලබ් වසන්ත ඝාතනයට ලක් කිරීමට සැලසුම් කළ බවට ටැටූ ආයතනයේ හිමිකරු පාපොච්චාරණය කර තිබෙනවා.

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේයි මේ පිළිබඳ පාපොච්චාරණය කර ඇත්තේ

මේ අතර මෙම වෙඩි ප්‍රහාරය මේ වන විට යුරෝපයට පළාගොස් සිටින කන්ජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන් සිදුව ඇති බවට පොලීසිය සැකපළ කරනවා.

ඒ වෙඩි ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ වැටී තිබූ T56 හිස් පතොරම් කොපුවල KPI යන ඉංග්‍රීසි අක්ෂර සඳහන්ව තිබියදී පොලීසිය සොයා ගැනීම හේතුවෙනුයි

මේ අනුව වැටී තිබූ T56 හිස් පතොරම් කොපුවල KPI යනුවෙන් සඳහන් කර ඇත්තේ කන්ජිපානි ඉම්රාන් යන නමට අයත් අක්ෂර බවටයි පොලීසිය සැකපළ කරන්නේ

ඊයේ (08) පෙරවරු 10ට පමණ අතුරුගිරිය නගර මධ්‍යයේ දෙමහල් ගොඩනැගිල්ලක උඩුමහළේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී ක්ලබ් වසන්ත සහ ගායන ශිල්පිනී කේ. සුජීවා මහත්මිය ඇතුළු පිරිසක් මෙම වෙඩ් ප්‍රහාරයට ලක් වුණා.

එහිදී ක්ලබ් වසන්ත සහ තවත් පුද්ලයෙක් මිය ගිය අතර තවත් 06 දෙනෙකු තුවාල ලැබුවා.

එහිදී තුවාල ලැබූ ගායන ශිල්පිනී කේ. සුජීවා මහත්මියගේ පාදයට ශල්‍යකර්මයක් ද සිදු කර ඇති බව සඳහන්

Share This