
ක්ලබ් වසන්ත ඝාතනයට 7 දෙනෙකු අල්ලයි
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 07 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
අදාළ වෙඩිතැබීමට වාහන සැපයූ පුද්ගලයන් මෙන්ම ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන් අනෙක් සැකකරුවන් අතර වන බව සඳහන්.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුට රුපියල් ලක්ෂ 10ක මුදලක් ක්ලබ් වසන්ත ඝාතනය සැලසුම් කිරීම සඳහා ලැබී ඇති බවට දැනට සිදු කරන ලද වොමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඊයේ (08) උදෑසන කාලයේදී අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමක් සිදු කරමින් සිටින අතරතුර සිදුවූ අදාළ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
එම අවස්ථාවේ එහි සිටි ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ක්ලබ් වසන්තගේ බිරිඳ කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
එමෙන්ම අදාළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ද තවදුරටත් පසුවන්නේ රෝහල්ගතවයි.