ක්වීන්ස්ලන්ත ජාතිකයෙකුගේ කකුලක් කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකුට මිනීමැරුම් චෝදනා
ඊසානදිග ඕස්ට්‍රේලියාවේදී ක්වීන්ස්ලන්ත ජාතිකයෙකුගේ කකුලක් ශරීරයෙන් වෙන්වන ආකාරයට කපා ඉවත් කර ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනය කර ඇත්තේ 66 හැවිරිදි පුද්ගලයෙක් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
36 හැවිරිදි පුද්ගලයෙක් විසින් මෙම අපරාධය සිදු කර ඇති බවත් ඔහුට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇති බවත් සඳහන්
මෙම පුද්ගලයින් දෙදෙනා එකිනෙකා හඳුනන අය බවද පැවසෙනවා
තුවාලකරු උද්‍යානයක සිටියදී සොයාගෙන ඇති අතර සොයා ගැනීමෙන් පසු වැඩි වේලා නොසිට ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
එම පුද්ගලයාගේ පාදය ඉවත් කර ඇත්තේ කුමක් නිසා දැයි තවමත් පැහැදිලි නැති බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.