ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අදාළ පොලී අනුපාත ඉහළට

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අදාළ පොලී අනුපාත ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලය දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල පවතින අඛණ්ඩ බාධාවන් හේතුවෙන් තීරණ කිහිපයකට එළඹ තිබෙනවා.

ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.5 දක්වාද ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 7.5 දක්වා ද ඉහළ නැංවීමට තීරණය කර ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මහ බැංකු මුදල් මණ්ඩලය ඊයේ රැස්වු අවස්ථාවේ දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල පවතින අඛණ්ඩ බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙයි.

පොලි අනුපාත බලාත්මක සඳහා අවශ්‍ය උපදෙස් ඉදිරියේ දි නිකුත් කිරිමට නියමිතව තිබෙනවා.

මේ අතර 20% දක්වා ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අදාළ වන පොලී අනුපාතවල සීමාවන් ද ඉහළ දමා ඇති බව සඳහන්.

Share This