කාදිනල් හිමිගේ පූජක දිවියට වසර 50ක් පිරීමේ උපහාර උත්සවයක් ජනාධිපති සහභාගිත්වයෙන්

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් උපහාර උත්සවයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද පැවැත්වුණා.

ඒ අගරදගුරු නිල නිවසේදී.

ශ්‍රී ලංකාවේ කතෝලික ආගමික ඉතිහාසය තුල අමරණීය ස්ථානයක් හිමිවන අති උතුම් මැල්කම් කාදිනල් රංජත් හිමිපානන්ගේ පූජක දිවියේ 50 වැනි ජුබිලිය පසුගිය 29 වැනි දිනට යෙදී තිබුණා.

1947 වසරේ නොවැම්බර් මස 15 වැනි දින උපත ලද අති උතුම් මැල්කම් කාදිනල් රංජත් හිමිපානන් පියතුමෙනු ලෙස පත්වන්නේ 1975 වසරේ ජූනි මස 29 වැනිදායි.

ඒ අනුව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් උපහාර උත්සවයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනෙවියගේ සහභාගීත්වයෙන් අද පැවැත්වුණා.

ස්වාමීන් වහන්සේලා ඇතුලු ආගමික නායකයින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, රජයේ මැති ඇමතිවරු, තානාපතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුලු ආරාධිතයින් රැසක් ඒක්වුණා.

මෙහිදී මල්වතු පාර්ශ්යේ අනුනායක පූජ්‍ය නියන්ගොඩ විජිතසිරි හිමියන් ඇතුලු මහා සංඝරත්නය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පාණන්ට සංඛේතාත්මක තිළිණයක්ද ලබාදුන්නා.

Share This