කාන්තාවන්ට අධ්‍යාපන අයිතිය ඉල්ලා ඇෆ්ගනිස්ථානයේ සමාජ මාධ්‍ය විරෝධතාවක්

කාන්තාවන්ට අධ්‍යාපන අයිතිය ඉල්ලා ඇෆ්ගනිස්ථානයේ සමාජ මාධ්‍ය විරෝධතාවක්

ගැහැණු ළමයින් සඳහා ද්විතීයික සහ උසස් පාසල් වහාම විවෘත කරන ලෙසට ඉල්ලා සිටීමේ සමාජ මාධ්‍ය විරෝධතා ව්‍යාපාරයක් ඇෆ්ගනිස්ථානයේ ආරම්භ වී තිබෙනවා.

“ඇෆ්ගන් ගැහැණු ළමයින්ට ඉගෙන ගැනීමට ඉඩ දෙන්න” යනුවෙන් මෙම සමාජ මාධ්‍ය ව්‍යාපාරය එරට තුළ මෙන්ම වෙනත් රටවල ද ක්‍රියාත්මක බව සදහන්.

මේ සදහා දැනටමත් ලක්ෂ සංඛ්‍යාත සමාජ ජාලා පරිශිලකයන් පිරිසක් සම්බන්ධ වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මේ වන විට‍ ඇෆ්ගනිස්ථානයේ කාන්තා පාසල් වැසීයාම නිසා එරට කුඩා ගැහැණු ළමයින්ට පවා අධ්‍යාපනය ලැබීම නොහැකි පසුබිමක් නිර්මාණය වී තිබෙන බව ද සඳහන්.

තලේබාන් සංවිධානය රට පාලනය ආරම්භ කළ දා සිට එරට කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ අයිතීන් උල්ලංඝණය කිරීම දිගින් දිගටම සිදුවෙමින් තිබෙනවා.

Share This