කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අදයි

කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අදයි

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් අවසන් මහා තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන මෙම තරගය පස්වරු 03.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අපරාජිත කණ්ඩායම් ලෙසින්.

එමෙන්ම වත්මන් ආසියානු ශූරියන් වන ඉන්දීය කණ්ඩායම ද මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ ද අපරාජිතවයි.

මේ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද රාත්‍රී 7.00ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Share This